දිස්ත්‍රික්කයම Lockdown කළත් බේරගන්න අමාරු තත්ත්වයක් තියෙන්නෙ – කැස්බෑව MOH

0
Kesbewa MOH - කැස්බෑව

මතුවන අවදානම් තත්වය සලකා ප්‍රාදේශීය වශයෙන් හුදෙකලා කිරීම් සිදු කරමින් බේරාගත නොහැකි තත්වය කොරෝනා වසංගතය දරුණු වී ඇති බව කැස්බෑව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී, වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පවසනවා. විශේෂයෙන් කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ඉතා දරුණු ලෙස වසංගතය පැතිර ගොස් ඇති බැවින් අවම වශයෙන් එවැනි දිස්ත්‍රික්ක හෝ හුදෙකලා කළයුතු බවයි ඇය පෙන්වා දෙන්නේ.

කොරෝනා වෛරසය මෙරට තුළ ව්‍යාප්ත වූ අවස්ථාවේ සිට පසුගිය සිංහල අවුරුදු සමය දක්වාම කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසයෙන් කොවිඩ් මරණ 04 ක් පමණක් වාර්තා වී තිබූ බව පෙන්වා දෙන වෛද්‍යවරිය පවසන්නේ මේ වනවිට දෛනිකව ‍මරණ 02 ක් හෝ ඊට වඩා වාර්තා වීමේ ප්‍රවණතාවයක් මතුව ඇති බවයි. මේ තත්වය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වනු ඇති බවයි ඇයි පෙන්වා දෙන්නේ.

රජය සීමාවන් පනවන තෙක් නොසිට ජනතාව විසින් ස්වයං විනයක් පවත්වා ගනිමින් හැකිතරම් සංචරණය සීමා කර සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම වැදගත් වන බව සමන්තිකා විජේසුන්දර මහත්මිය පවසනවා. මේ වනවිට තම ප්‍රදේශයේ සිදුකරන PCR පරීක්ෂණ වලින් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් ආසාදිතයන් ලෙස හඳුනා ගන්නා බවද ඇය අවධාරණය කරනවා.

(https://www.lankanewsweb.net/sinhala/ වෙබ් අඩවිය ඇසුරිනි)