රන්ජන්ට ජනාධිපති සමාව ලබා දෙන්න.. හිටපු ජනාධිපතිනිය ගෙන් ජනපතිට ලිපියක්…

0
Chandrika Write Letter to President - රන්ජන්ට ජනාධිපති සමාව ලබා දෙන්න.. හිටපු ජනාධිපතිනිය ගෙන් ජනපතිට ලිපියක්...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට මේ වන විට රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා සිව්වසරක සිර දඬුවම් නියමව බන්ධනාගාර ගතව සිටිනවා.

බරපතල වැරදි නිසා අධිකරණයෙන් සිරදඬුවම් ලබාදුන් කිහිප දෙනෙකු කෙරෙහි අනුකම්පාවෙන් රජයෙන් නිදහස ලබාදුන් නිසා, එතරම් බරපතල නොවන චෝදනාවකට රංජන්ට මෙලෙස දුක් විඳීමට සිදුවීම අවාසනාවන්ත කරුණක් බවයි හිටපු ජනාධිපතිනිය සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.