ලංකාවේ කොවිඩ් ආසාදිතයින්ගෙන් 95.8%කට ඩෙල්ටා

0
Dr. Chandima Jeewandara Statement of Delta Variant - ලංකාවේ කොවිඩ් ආසාදිතයින්ගෙන් 95.8%කට ඩෙල්ටා

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත තත්ත්වය නවතම සොයාගැනීමක් යනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අණුක විද්‍යා ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සිය ට්විටර් ගිණුම හරහා සටහනක් තබා තිබේ.

එම සටහනින් ඔහු සදහන් කර ඇත්තේ, මෙරට තුළ මේ වන විට පවතින කොවිඩ් වාර්තා වලින් සියයට 95.8ක් ඩෙල්ටා ප්‍රභේදය හරහා ව්‍යාප්ත වී ඇති බවයි.

මේ අතර මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 477636ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් ආසාදිතයින් 408116දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

කොවිඩ් වෛරසය ආසාදනයවීම හේතුවෙන් මෙරට තුළ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 10864ක් දක්වා ඉහළ ගොස් ඇත.