පාසල් දරුවන්ට එන්නත් දෙන ආකාරය ගැන අනාවරණයක්

0
Keheliya Rambukwella Statement of Vaccination for Student - පාසල් දරුවන්ට එන්නත් දෙන ආකාරය ගැන අනාවරණයක්
වයස අවුරුදු 12ත් 18ත් අතර දරුවන් සඳහා කඩිනමින් කොවිඩ් මර්දන එන්නත්කරණය ආරම්භ කිරීමට අවධානය යොමුකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේ සූම් තාක්ෂණය ඔස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (09) පැවැති සාකච්ඡාවකදීය.

ඔහු පෙන්වා දෙන්නේ පාසල් හැකි ඉක්මනින් ආරම්භ කිරීම සඳහා ළමුන් සඳහා එන්නත්කරණය ආරම්භ කළ යුතු බවය.

ළමුන් සඳහා එන්නත් ලබාදීම ආරම්භ කිරීමත් සමග 7වන ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා දරුවන්ට එන්නත්කරණය සිදු කළ හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ යටතේ දරුවන් ලක්ෂ 20ක් පමණ එන්නත් කිරීමට හැකිවනු ඇතැයි ද සෞඛ්‍ය ඇමතිවරයා පවසයි.