ඊයේ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ ලැයිස්තුව

0
Covid19 new cases - කොවිඩ් 19 ආසාදිතයින්

ඊයේ (13) දිනය තුළ මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 2,269 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඉන් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 643කි. තවද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 301 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 174 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් 155 දෙනෙකු, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 126 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් 121 දෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 100 දෙනෙකු, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 91 දෙනෙකු, පෙළොන්නරුව දිස්ත්‍රික්කයෙන් 80 දෙනෙකු, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 67 දෙනෙකු බැගින් ද ආසාදිතයන් වාර්තා වී තිබෙනවා.

ඊයේ දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ

ඒ අනුව, මෙරට මේ දක්වා වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 892 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 මරණ – https://newsweb.lk/කොවිඩ්-19-මරණ-2/

කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්ව වාර්තාව – https://covid19.gov.lk/sinhala/