සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

0
Isini Wickramasinghe Resign from Diector General Post - සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.

ඇය මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම්දී ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.

පෞද්ගලික හේතු මත තමා එම තනතුරින් ඉල්ලා අස්වන බව ඒ ලිපියෙන් ඇය දැනුම්දී ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

ඉෂිනි වික්‍රමසිංහ මහතා එම තනතුරින් මීට පෙරද ඉල්ලා අස්වීමට උත්සාහ දරා තිබිණ.එහෙත් ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.