වැසි සහ සුළං සහිත කාලගුණය අදත්

0
වැසි සහ සුළං

ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දැනට පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්වය අද දිනයේදීත් තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40-50 අතර අගයක් ගත හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

එමෙන්ම විශේෂයෙන්ම උතුරු,උතුරු මැද සහ වයඹ පළාත්වල සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 60ක් දක්වා වැඩිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද දිනයේත් දිවයින පුරා අහස වළාකුලින් බරව පවතිනු ඇති බවයි.

බස්නාහිර,සබරගමුව, මධ්‍යම,දකුණු,උතුරු,උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එහි සඳහන්.

මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. මේ අතර දිවයින වටා මුහුදු ප්‍රදේශයේ කාලගුණ තත්වය පහතින්.