තවත් කොරෝනා මරණ 185ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesteday - තවත් කොරෝනා මරණ 185ක් වාර්තා වෙයි
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 185ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (07) තහවුරු කළ මෙම මරණ 185ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 10689ක් ලෙසටයි.

ඊයේ තහවුරු කෙරුණු මෙම මරණ අතර කාන්තාවන් 83ක් සහ පිරිමි පුද්ගලයන් 102ක් වනවා.

මෙම මරණ අතර වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ එක් පිරිමි අයෙක් මෙම මරණ අතර වනවා.

අවුරුදු 30ත් 59ත් අතර මරණ 44ක් වාර්තාවී ඇති අතර කාන්තාවන් 19ක් සහ පිරිමි පුද්ගලයන් 25ක් ඊට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 140ක් වන අතර ඒ පිරිමි 76ක් සහ කාන්තාවන් 83ක් වශයෙන්.