මල්ලිගේ උදලු පහරින් අයියා මියයයි

0
Murder in Kotawehera - මල්ලිගේ උදලු පහරින් අයියා මියයයි

කොටවෙහෙර ,දිගන්නෑව ප්‍රදේශයේ දී,එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලකින් මල්ලි එල්ල කල උදලු පහරින් අයියා (44) මරණයට පත්ව ඇති බව කොටවෙහෙර පොලීසිය අද (08) පැවසීය.

සහෝදරයින් දෙදෙනා අතර ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් මල්ලි සහ ඔහුගේ බිරිඳ විසින් අයියාට පහර දී ඇති අතර අනතුරට පත් වූ අයියා නිකවැරටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී අයියා මරණයට පත්ව ඇති බවට මූලික පරීක්ෂණ වලදී අනාවරණය වූ බවද පොලීසිය සඳහන් කරයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ කොටවෙහෙර දිගන්නෑව පදිංචි පී .එච්.සිරිල් රෝහන වීරසිංහ (44)නැමති දෙදරු පියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පහර දුන් බවට මරණ කරුගේ මල්ලී (43 )සහ ඔහුගේ බිරිඳ (38) අත්අඩංගුවට ගත් බවද ,සැකකරු සහ සැකකාරිය නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිත් කිරීමට නියමිතව ඇති බවද පොලීසිය සඳහන් කරයි.