සුරතලයට ඇති කළ සුනඛයකු සොරකම් කර උකස් කරලා

0
Pet Dog Theft in Balangoda - සුරතලයට ඇති කළ සුනඛයකු සොරකම් කර උකස් කරලා

බලන්ගොඩ ප්‍රදේශයේ නිවසක සුරතලේට ඇති කළ සුනඛයකු සොරකම් කරගෙන රුපියල් 7500ට උකස් කළ පුද්ගලයන් දෙදෙනකු ඊයේ (7 වැනිදා) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරීමෙන් පසු ලැබ්‍රෙඩෝ වර්ගයට අයත් මෙම සුනඛයා සොයා ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (7 වැනිදා) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබෙනවා.