කොවිඩ් මරුවා ගෙහිමියාව බිලි ගනිද්දී නිවෙස මංකොල්ල කෑ සොරුන්

0
Theft of Dead Person House bu Covid - කොවිඩ් මරුවා ගෙහිමියාව බිලි ගනිද්දී නිවෙස මංකොල්ල කෑ සොරුන්

මිනුවන්ගොඩ අලූ‍තැපොල ප‍්‍රදේශයේ පදිංචි නිවෙස් හිමියා කොවිඩ් ආසාදිත වීමෙන් 05 වෙනිදා අලූ‍යම නිවසේ දී මිය ගොස් තිබෙනවා.

නිවසේ නිරෝධායනය වෙමින් සිටි එම මරණකරුගේ බිරිඳ දුව සහ පුතා ද කොරෝනා ආසාදිතව දැඩි ලෙස රෝගාතුර වීමෙන් අනතුරුව මීගමුව මහ රෝහලට ඇතුළත් කර සිටියදී එදිනම රාත‍්‍රී ඔවුන්ගේ නිවස ද හොරු බිඳ ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසනවා.

නිවසේ නිරෝධායනය වෙමින් සිටියදී මිනුවන්ගොඩ නැගෙනහිර අලූ‍තැපොල පදිංචිව සිටි දෙදරු පියෙක් මෙලෙස නිවසේදීම මිය ගොස් තිබෙන අතර ඔහු මියයනවිට 53 හැවිරිදි වියේ පසු වුවා.

සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේදයන්ට අනුව මිනුවන්ගොඩ ආදාහනාගාරයේදී 05 වෙනිදා සවස අවසන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ඥාතීන් විසින් මරණකරුගේ නිවස දොරගුලූ‍ දමා වසා තිබෙනවා.

එම නිවසේ ඇති කරන සුනඛයාට ආහාර ලබාදීම පිණිස පෙරේදා (06) උදේ ඥාතියෙකු එම නිවසට ගොස් ඇති බවත් එවිට නිවසේ දොරවල් විවෘත කර තිබෙන අයුරු දැක තිබෙන අතර අසල්වාසීන් සමඟ එක්ව කළ සොයා බැලීමේදී නිවසේ වහලයේ උළු ඉවත්කර නිවසට ඇතුළු වූ අයෙකු හෝ කණ්ඩායමක් විසින් නිවස තුළ තිබූ අල්මාරි ඇද දමාඒ තුළ තිබූ මුදල් රන්භාණ්ඩ සහ වෙනත් වටිනා දෑ සොරාගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.