අද කොවිඩ් ආසාදිතයින් ගණන 3,100 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් ගණන 3,100 ඉක්මවයි
තවත් කොවිඩ් ආසාදිතයින් වූ 928 දෙනෙකු අද (06) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

අද දිනය තුළ හමු වූ මුළු කොරෝනා අසාදිතයින්ගේ ගණන 3173ක් වනවා.

ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 465,940 ක් බවයි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් පුද්ගලයින් 1,952 දෙනෙකු අද (06) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 386,509ක් දක්වා ඉහළගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 180ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.