සයිනොෆාම් එන්නත ලබා ගත් අයට රට යන්න පුළුවන්ද?

0
Neelika Malavige Statement of Sinopharm Vaccine - සයිනොෆාම් එන්නත ලබා ගත් අයට රට යන්න පුළුවන්ද?

සයිනොෆාම් එන්නත ලබා ගත් අයට සමහර රටවලට ඇතුළු වීමට ඉඩ නොදෙන බවට බොහෝ පුද්ගලයන් විශ්වාස කරනවා.

කෙසේවෙතත් එය අසත්‍යයක් බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරන්නේ.

චීනයේ නිෂ්පාදිත එම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලියාපදිංචි කර ඇති හෙයින් එය විශ්වාසදායක එන්නතක් බව ඇය පවසා සිටිනවා.

ඇතැම් රටවලට ඇතුල්වීමේදී ලබාගෙන තිබිය යුතු එන්නත් වර්ග පිළිබඳව තොරතුරු විකෘති කර ඇති බවද මලවිගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.