නිරෝධායන ඇදිරි නීතිය 18 තෙක් දිගු කරන්නැයි කියයි

0
Dr. Padma Gunarathna Statement of Quarantine Curfew - නිරෝධායන ඇදිරි නීතිය 18 තෙක් දිගු කරන්නැයි කියයි
දැනට පවතින තත්ත්වයක් අනුව ආසාදිතයන් තවදුරටත් වාර්තා වීම අඩු මට්ටමකට පත් කිරීම සඳහා නිරෝධායන ඇදිරි නීතිය සැප්තැම්බර් 18 වන දින දක්වා පවත්වාගෙන යා යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.

එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ සන්චරණ සීමා පැනවීම හේතුවෙන් ආසාදිතයන් වාර්තා වීම අඩු මට්ටමකට පැමිණ ඇති බවයි.

සංචරණ සීමා ඉතා තද ආකාරයෙන් ක්‍රියාත්මක නොවුනත් පවතින ආකාරයෙන් හෝ 18 වන දින දක්වා එය පවත්වාගෙන යා හැකි නම් වඩා සුදුසු බවද ඇය පෙන්වා දෙයි.

ඇය මෙම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.