මෙරට සමස්ත කොවිඩ් මරණ 10,000 ඉක්මවයි

1
Covid Deaths in Sri Lanka Yesterday - මෙරට සමස්ත කොවිඩ් මරණ 10,000 ඉක්මවයි
තවත් කොවිඩ් මරණ 189ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (04) දින තහවුරු කර ඇති එම මරණ 189ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,140ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 93 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 96 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

අවුරුදු 30ට අඩු එක් මරණයක් ද වාර්තා වී තිබේ.