ඇඳිරි නීතිය හරිම දුර්වලයි

0
Upul Rohana Statement of Curfew - ඇඳිරි නීතිය හරිම දුර්වලයි

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වෙනුවට මේතාක් ක්‍රියාත්මක වුණු නිරෝධායන ඇඳිරිනීති අතරින් දුර්වලම ඇඳිරි නීතිය මෙවර ක්‍රියාත්මක බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ දේශයට පැවසීය.

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කළ බලධාරීන්ටත් රටේ මහජනතාවටත් ඩෙල්ටා ප්‍රභේදයේ අවදානම ගැන කිසිදු තැකීමක් නොමැති බව එදිනෙදා මඟතොටදී දැකගත හැකි යැයි ඔහු සඳහන් කළේය. මහජනතාව සුපුරුදු පරිදි මඟතොටේදී දැකගත හැකි බව ඔහු වැඩිදුරටත් කීය.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵල තවත් සති දෙකකින් දැකගත හැකි බවද උපුල් රෝහණ පැවසීය.

(deshaya.lk වෙබ් අඩවිය ඇසුරිනි)