අලුත් මාරක වෛරස 5ක්ම

0
Coronavirus New Variants in World - අලුත් මාරක වෛරස 5ක්ම

ඩෙල්ටා ප්‍රභේදය දැනටමත් රටවල් 170ක් බිලිගෙන පැතිර යන අතරේම එම ඩෙල්ටා ප්‍රභේදයට අමතරව එහි නව විපරීතයක් වන ඩෙල්ටා ප්ලස් ප්‍රභේදයද මේ වන විට ලොවපුරා පැතිර යමින් පවතී. මේ අතර ඩෙල්ටාවට වඩා භයානක දකුණු අප්‍රිකානු ප්‍රභේදයක් ගැන මෙන්ම වඩා මාරාන්තිකව පැතිර යා හැකි දකුණු අමෙරිකානු රටවල සහ යුරෝපයෙන් වාර්තා වූ “මූ” ඇතුළු නව වෛරස ප්‍රභේද 5ක් ගැන දැන් මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැඩි අවධානය යොමුව තිබේ.

මේ වනවිට ඉන්දියාවෙන් හමුව ඇති ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය සිය භයානක ලක්ෂණ දැඩිව වර්ධනය කර ගත් විපරීතයකි. ඩෙල්ටා ප්ලස් ප්‍රභේදයටත් වඩා අතිශය මාරාන්තික බව කියන C.1.2, ලෙස හඳුන්වාදී ඇති දකුණු අප්‍රිකානු ප්‍රභේදය මේ වනවිට දකුණු අප්‍රිකාව ඇතුළු අප්‍රිකානු, ආසියානු සහ පැසිෆික් කලාපීය රටවල් 7ක පමණ වාර්තා වූ ප්‍රභේදයකි.

මේ අතර ඉකුත් අඟහරුවාදා අවධානය යොමු විය යුතු නව ප්‍රභේදයක් – variant of interest, ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය “මූ”- ‘Mu’, නමැති නව මාරාන්තික ප්‍රභේදය නම් කරන්නට යෙදුනි. ඔවුන් සැකපහළ කරන්නේ විපරීත ගණනාවක් සහිත මේ නව ප්‍රභේදය එන්නත් සඳහාද ප්‍රතිරෝධි බව වගා කරගෙන ඇති බවටය. මුලින් කොලොම්බියාවෙන් වාර්තා වූ මෙය දකුණු අමෙරිකානු රටවල සහ යුරෝපයෙන් වාර්තා වී තිබේ. මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය “මූ” ඇතුළු එබඳු භයානක නව වෛරස ප්‍රභේද 5ක හැසිරීම ගැන දැඩි අවධානය යොමුර තිබේ.

(deshaya.lk වෙබ් අඩවිය ඇසුරිනි)