ආදිවාසී නායකයාගේ බිරිඳ කොවිඩ් වැළඳී මියයයි

0
Wannila Aththo Wife Dead by Covid - ආදිවාසී නායකයාගේ බිරිඳ කොවිඩ් වැළඳී මියයයිd by
ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන් මැණිකා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ කොවිඩ් රෝගය වැළඳී පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

හීන්මැණිකා කොවිඩ් ආසාදිත ව මීට සතියකට පමණ පෙර රෝහල්ගත කෙරිණ.

ඇය කලක් තිස්සේ වකුගඩු ආබාධයකටද ගොදුරුව සිටිබව වාර්තා වේ.

හීන් මැණිකා මහත්මිය දරුවන් 9 දෙනෙකුගේ සෙනෙහෙබර මවකි.