ශ්‍රී ලංකාව අපකීර්තියට පත්කළ කාත්තන්කුඩියේ මොහොමඩ් අදිල්

0
New Zealand Super Market Attack Incident - ශ්‍රී ලංකාව අපකීර්තියට පත්කළ කාත්තන්කුඩියේ මොහොමඩ් අදිල්

නවසීලන්තයේ සුපිරි වෙළෙඳසැලකට ඇතුළු වී එහි සිටි පිරිසකට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් සිදුකළ ශ්‍රී ලාංකිකයාගේ තොරතුරු අනාවරණය කර තිබේ.

ඊයේ (03) නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළෙඳසැලකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි සිටි පිරිසකට තියුණු ආයුධයකින් පහරදුන් අතර එහිදී පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ, සම්බන්ධයෙන් නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ඊයේ ප්‍රකාශයක් කළ අතර එහිදී ඇය සඳහන් කළේ දැඩි අන්තවාදියෙකු වන එම පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු බවය.

එසේම එම පුද්ගලයා අයි එස් මතවාදය සහිත අයෙක් බව ද නවසීලන්ත බලධාරීන් පැවසීය.

ඒ අනුව, නවසීලන්ත ආරක්ෂක අංශ අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ අතර ඔහු නවසීලන්තයට පැමිණීමෙන් අනතුරුව අයි.එස් සංවිධානයට සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

32 හැවිරිදි වියේ පසුවූ ඔහු මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මොහොමඩ් සම්සුදීන් අදිල් නමැති පුද්ගලයෙකු බවට මේ වන විට මෙරට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත.

එම පුද්ගලයා 2011 වසරේදී ශිෂ්‍ය වීසා මත නවසීලන්තට ගොස් තිබේ.

අන්තවාදය පැතිරවීම, තියුණු ආයුධ ළඟ තබාගැනීම, කෘෘරත්වය ප්‍රවර්ධනය කිරීමේ ආදී චෝදනා හේතුවෙන් 2016 වර්ෂයේ සිට නවසීලන්ත ආරක්ෂක අංශ ඔහු පිළිබඳව දැඩි අධීක්ෂණයකින් සිට ඇත.

2017 වර්ෂය වන විට එරට ආරක්ෂක අංශ සම්සුදීන් අදිල්ට එරෙහිව චෝදනා 23ක් ගොනු කර තිබේ.

කෙසේවෙතත් සම්සුදීන්ගේ නම මේ වන තෙක් නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැති බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.

(adaderana.lk වෙබ් අඩවිය ඇසුරිනි)