තවත් වෛද්‍යවරයෙක් කොරෝනා ආසාදිතව මියයයි

0
Doctor Dead by Covid - තවත් වෛද්‍යවරයෙක් කොරෝනා ආසාදිතව මියයයි
ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය වසන්ත ජයසූරිය මහතා කොරෝනා ආසාදිතව මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

දරුවන්ගේ දෙදෙනෙකුගේ පියෙකු වු ජයසුරිය මහතා කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කලක් මිගමුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කර ඇති ජයසුරිය මහතා පසුව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයට ස්ථාන මාරුවක් ලබා පැමිණියේය.

කොරෝනා වයිරසය ආසාදිතවිමේන් පසුව අංගොඩ කොරෝනා ප්‍රථිකාර ඒකකයේ දින 10 කට ආසන්න කාලයක් අසාධ්‍යව ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති බව කියයි.