පොහොට්ටු නාගරික මන්ත‍්‍රී සතොස මැනේජර්ට පහර දේ

0
Attack to Haton Sathosa Manager - පොහොට්ටු නාගරික මන්ත‍්‍රී සතොස මැනේජර්ට පහර දේ

හැටන් සතොස ශාඛාවේ කළමණාකාරවරයාට හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත‍්‍රී ශෂි රත්නායක මහතා (ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ) විසින් පහර දුන් බවට කලමණාකාරවරයා විසින් සතොස ඉහල කලමණාකාරිත්වය වෙත පැමිණිලි කර ඇත.

නාගරික මන්ත්‍රිවරයා (01) දින පස්වරු 2 ට පමණ තම ශාඛාව වෙත පැමිණ රතු පරිප්පු කිලෝ දෙකක් ඉල්ලු බවත්, එහිදි සේවකයන් විසින් තමන් වෙත සතොස ඉහල කලමණාකාරිත්වය විසින් ලබා දි ඇති උපදෙස් අනුව එක් පරිප්පු කිලෝවක් පමණක් ලබාදිමට හැකි බව එම සතොස ශාඛාවේ සේවකයින් විසින් නාගරික මන්ත්‍රිවරයාට පවසා ඇත.

එම අවස්තාවේ උරණ වු නාගරික මන්ත්‍රිවරයා සතොස ශාඛාවේ සේවකයන්ට පරුෂ වචනයෙන් බැන බැද කලහකාරි ලෙස හැසිරි පසුව එම ස්ථානයට පැමිණි එම ශාඛාවේ කලමණාකාරවරයා බැන තර්ජනය කර ප්‍රහාරයක් එල්ල කර ඇත.

පහර දෙන අවස්තාවේ සතොස ශාඛාවේ සෙසු සේවකයින් නාගරික මන්ත්‍රිවරයා අල්ලාගෙන පසුව එම ස්ථානයේ රාජකාරි කටයුතු සිදුකල හැටන් පොලිස් නිලධාරියෙකුට පොලිස් නිලධාරිවරයාට භාර දි ඇත.

සතොස ශාඛාවේ ඉහල කලමණාකාරිත්වයේ උපදෙස් අනුව තමන්ට නාගරික මන්ත්‍රිවරයා පහර දිම සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක් කරන බවද හැටන් සතොස ශාඛාවේ කලමණාකාරවරයා පැවසිය.