අම්මයි තාත්තයි ඉතාලියේ.. පුතා සේසතම විකුණා අන්තර් ජාල ක්‍රීඩාවේ…

0
Marawila Student Arrested Incident - අම්මයි තාත්තයි ඉතාලියේ.. පුතා සේසතම විකුණා අන්තර් ජාල ක්‍රීඩාවේ...

අන්තර් ජාල ගේම් වලට ඇබ්බැවි නිවසේ ලක්ෂ ගනනක රන්බඩු හා යතුරු පැදියක් රහසේ විකුණා දමමින් මෙම ක්‍රීඩාවේ නිරත වු සිද්දියක් සම්බන්ධව සැකකාර 18 හැවිරිදි සිසුවකු ඊයේ (04) දින අත් අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගෙන ඇත්තේ මාරවිල කටුනේරිය ප්‍රදේශයේ පදිංචි අපොස උසස් පෙල හදාරණ සිසුවකු බව කියයි.

මෙම සිද්දිය අනාවරණය වි ඇත්තේ අදාල මාරවිල කටුනේරිය ප්‍රදේශයෙන් වන අතර මව සහ පියා ඉතාලියේ රැකියාවට ගොස් සිටින අතර සියා හා මිත්තනියගේ රැකවරණය යටතේ ජිවත් වන බව මූලික පරික්ෂණවලින් අනාවරණය වි ඇත.

එම යුවළගේ එකම පුත්‍රයා මෙසේ මෙසේ අන්තර් ජලය හාරහා මුදලට ගේම් ගැසිමේ ක්‍රීඩාවට ඇබ්බැහි වි ඇති බව පොලිසිය පවසයි.

අදාල දරුවා මේ වන විට අපොස උසස් පෙළ විභාගයට පෙනි සිටිම සදහා ඔහුගේ පරිඝණකයෙන් අධ්‍යන කටයුතු සිදුකරන අතර තුර ක්‍රීඩාවට හුරුව ඇති බව පැවසෙයි.

එය අනාවරණ වි ඇත්තේ මෙම සිසුවාගේ නිවසේ තිබු ලක්ෂ ගණනක් වටිනා යතුරු පැදිය එකවර අතුරුදහන් විමත් සමග බව කියයි.

මෙම යතුරු පැදිය නිවසේ ගරාජයේ තිබියදි අතුරුදහන් විමේන් පසු සිසුවාගේ මිත්තනිය හා සියා මාරවිල පොලිසියට පැමිණිලි කර ඇති අතර එම සිද්දිය පිළිබදව මාරවිල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධම්මික විජේසිංහ මහතා ඇතුළු නිළධාරින් පිරිසක් පුළුල් පරික්ෂණ ආරම්භ කර තිබේ .

පොලිස් කණ්ඩායම් අනාවරණය කර ගෙන තිබුණේ මෙම සිසුවා එක්වරකට විශාල මුදලක් වැය කරමින් මෙම අන්තර් ජාල ගේම් වලට ඇබ්බැහි වි ඇති බවත් පලමුව නිවසේ තිබු සිසුවාගේ ලක්ෂ 4කට ආසන්න යතුරු පැදිය එක් ලක්ෂ පනස් දහසකට විකුණා දමා ඇති බවයි .

කෙසේ නමුත් පොලිසිය දිගින් දිගටම කල විමර්ශන වලින් පසුව අනාවරණය වි ඇත්තේ මෙම සිසුවා තම මවගේ හා මිත්තනියගේ ලක්ෂ පහකට වැඩි වටිනාකමින් යුත් රන් ආභරණද සොරකම් කර එයින් ලැබුන මුදලින් ගේම් ක්‍රීඩාවේ නිරත වි ඇති බව පොලිසිය අනාවරණය කර ගෙන ඇත.

(lankadeepa.lk වෙබ් අඩවිය ඇසුරිනි)