තවත් කොවිඩ් මරණ 202ක් වාර්තා වෙයි

0
Covid Deaths Yesterday in Sri Lanka - තවත් කොවිඩ් මරණ 202ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් මරණ 202ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (02) තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 9806ක් ලෙසටයි.

මෙම මරණ අතර කාන්තාවන් 89ක් සහ පිරිමි පුද්ගලයන් 113ක් වනවා.

වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ මරණ 5ක් වන අතර ඒ කාන්තාවන් 3ක් සහ පිරිමි දෙදෙනෙකු වශයෙන්.

අවුරුදු 30ත් 59ත් අතර මරණ 42ක් වනවා. ඒ පිරිමි 24ක් සහ කාන්තාවන් 18ක් වශයෙන්.

අවුරුදු 60සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 87ක් සහ කාන්තාවන් 68ක් ඊයේ තහවුරු කළ මරණ 202ට අයත්.

මේ අතර මෙරටින් අද දිනයේ ආසාදිතයන් 3644ක් වාර්තා වී තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා හඳුනාගෙන ඇති කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 451,401ක්.

ඉන් 60767ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 380,166ක්.