රිෂාඩ්ට ජංගම දුරකථනය ලබාදුන් ජේලර්ට ස්ථාන මාරුවක්

0
Jailer Transfer to Vanni - රිෂාඩ්ට ජංගම දුරකථනය ලබාදුන් ජේලර්ට ස්ථාන මාරුවක්
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට ජංගම දුරකථනයක් ලබාදුන් බවට හඳුනාගත් ජේලර්වරයාට ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.

ඒ අනුව ඔහු කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිට වව්නියාව බන්ධනාගාරයට මාරුකර යවා ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක කියාසිටියේ.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සතුව තිබී ජංගම දුරකථනයක් සොයාගෙන තිබුණේ ඊයේ දිනයේයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා සහ තවත් ජේලර්වරයෙකු මන්ත්‍රීවරයා රඳවා සිටින සිර මැදිරිය අසළට යන විට ඔහු දුරකථනය පිටතට විසිකර ඇති බවයි.

කෙසේ වෙතත් පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් එම ජංගම දුරකථනය වැඩිදුර පරීක්ෂාව සඳහා බුද්ධි අංශය වෙත ලබාදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.