සංචරණ සීමාවල ප්‍රථිපලය දැන ගන්න තවත් සති 02ක් රට වසා දැමිය යුතුයි

0
Asela Gunawardena Statement of Travel Restrictions - සංචරණ සීමාවල ප්‍රථිපලය දැන ගන්න තවත් සති 02ක් රට වසා දැමිය යුතුයි
පවතින සංචරණ සීමාවන්ගේ ප්‍රතිඵල දැක ගැනීමටනම් දැනට ක්‍රියාත්මක අගුලු දැමීම අවම වශයෙන් තවත් සති දෙකක්වත් දීර්ඝ කළ යුතු යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

මිනිසුන් සෞඛ්‍ය පුරුදු නිසි ලෙස පිළිපදින්නේ නම් ධනාත්මකව රෝගීන් සංඛ්‍යාව අඩු වන අතර රට නැවත විවෘත කළ හැකි බව ඔහු සඳහන් කර සිටියේ.

ඔක්තෝබර් මැද භාගයේදී එන්නත් ලබාදීම අවසන් වුවහොත් ඔක්තෝබර් අවසානය වන විට රට යථා තත්ත්වයට පත් වනු ඇතැයි ද මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ලංකාවේ බූස්ටර මාත්‍රාවක් ලබා දීම පිළිබඳව අවසන් තීරණය ගෙන නොමැති බවයි මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ. ඩෙල්ටා වයිරස් ප්‍රභේදය රට තුළ ව්‍යාප්ත වීම හේතුවෙන් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ද ඔහු සඳහන් කර සිටියා.