ප්‍රදේශ රැසකට අද ගිගුරුම් සහිත වැසි

0
Today Weather Forecast - ප්‍රදේශ රැසකට අද ගිගුරුම් සහිත වැසි
අද (03) )දිනයේ බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල විශේෂයෙන් සවස් කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් උතුරු පළාතේ උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා සූර්යයා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතින අතර අද දින (03) දහවල් 12.09ට පමණ මාරවිල, නාරම්මල , මාවතගම, ගිරාඳුරුකෝට්ටේ සහ මණ්ඩූර් ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.