තවත් කොවිඩ් මරණ 204ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොවිඩ් මරණ 204ක් වාර්තා වෙයි
කොවිඩ් මරණ 204ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (01) දින තහවුරු කර ඇත.

මෙම මරණ 204ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 9,604ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

ඊයේ සිදුව ඇති එම කොවිඩ් මරණ 204න් 95 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 109දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 149 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

එමෙන්ම මියගිය පුද්ගලයින්ගෙන් 50 දෙනෙක් අවුරුදු 30-59ක් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසති.