පහන්තුඩාව සිද්ධියේ යුවළ අත්අඩංගුවට

0
Pahanthudawa Video Clip Incident - පහන්තුඩාව සිද්ධියේ යුවළ අත්අඩංගුවට

පහන්තුඩාව දිය ඇල්ල පසුබිම් කරගෙන අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කළ තරුණයා සහ තරුණිය අද (02) පස්වරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් පරිගණක අපරාධ සම්බන්ධ විමර්ශන ඒකකය සිදුකළ විමර්ශන වලින් පසු එම යුවල අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ මහරගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයෙක් සහ ඇල්පිටිය ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණියක් පන්නිපිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන් මෙවැනි වීඩියො නිර්මාණය කර ඇත්තේ වෘත්තියක් ලෙසිනි.

අන්තර්ජාල වෙබ් අඩවි මගින් අන්තර්ජාතික ක්‍රමවේදය ඔස්සේ ලබාගන්නා ලද තාක්ෂණික තොරතුරු පදනම් කරගෙන මෙම තරුණයා හා තරුණිය අත්අඩංගුවට ගෙන ඇති බව අනාවරණය වේ.

මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ දම්සක් පදනම නම් සංවිධානයක් ඒ සම්බන්ධව විමර්ශනයක් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් පෙරේදා ( 31) කළ ලිඛිත ඉල්ලීමක් අනුවය.