ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15 කට නායයාමේ අවදානම් නිවේදනයක්

0
නායයාමේ අවදානම් නිවේදනයක්

ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල නායයාමේ අවදානමක් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, ඇල්පිටිය, නාගොඩ, නෙළුව, බද්දේගම, තවලම සහ යක්කලමුල්ල සහ කළුතර දිස්ත්‍රික්කයේ හොරණ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල හඳුනා ගත් ස්ථාන වෙත මෙම නායයාමේ අවදානම නිකුත් කෙරුණේ හෙට පස්වරු 3 දක්වායි.

මීට අමතරව, කළුතර දිස්ත්‍රික්කයේම අගලවත්ත, වලල්ලාවිට, බුලත්සිංහල, පාලින්ද නුවර, ඉංගිරිය, මතුගම සහ දොඩම්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල නායයාම් හඳුනා ගත් ප්‍රදේශවලට දෙවන මට්ටමේ නායයාමේ අවදානම් නිවේදනයක් නිකුත් කිරීමට ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.