අපිටම ආවේණික හයිබ්‍රිඩ් ලොක්ඩවුන් එකක්

0
Nipuna Ranawaka Statement of Hybrid Lockdwon - අපිටම ආවේණික හයිබ්‍රිඩ් ලොක්ඩවුන් එකක්

මෙරට පනවා ඇත්තේ මෙරටටම ආවේණික හයිබ්‍රිඩ් ලොක්ඩවුන් ක්‍රමයක් බව පොදුජන පෙරමුණු මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහතා පවසයි.

යම් තරමක රට වැසීමක් කළද රජය සම්පූර්ණයෙන්ම රට වසා නොමැති අතර අත්‍යවශ්‍ය සේවාවන් මෙන්ම අනෙකුත් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යෑමට රජය ඉඩලබාදී ඇති මෙම ක්‍රමය මේ වන විට ලෝකයම පිළිගන්නා ක්‍රමයක් බව ඔහු පවසයි.

“යම් තරමක සංචරණ සීමාවක් දැම්මට සම්පූර්ණයෙන් රට වැසීමක් සිදු වෙලා නෑ.එතකොට අපේ වැඩ කටයුතු අත්‍යවශ්‍ය සේවා සහ අනෙකුත් ව්‍යාපාරික කටයුතු කරගෙන යන්න විශේෂයෙන්ම අපනයන වෙළදාමත් එක්ක තියෙන ව්‍යාපාර කටයුතු වලට අවශ්‍ය අවස්ථාව දීලා තියෙනවා මේ ආර්ථිකය තුළ හැසිරෙන්න. මං හිතනවා ඒක තමයි අද ලෝකයක් පිළි අරගෙන තියෙන්නේ. සම්පූර්ණයෙන් රටවල් වහලා තියෙන රටවල් වල ඕන තරම් උදාහරණ තියෙනවා නවසීලන්තය වේවා ඕස්ට්‍රේලියාව වේවා ඕන තරම් රටවල් තියෙනවා යළිත් රට ලොක්ඩවුන් කලා කියලා වසංගතය පැතිරීමේ කිසිම අඩුවක් වෙලා නෑ. ඒක නිසා අපේ රටට ගැලපෙන ලොක්ඩවුන් ක්‍රමවේදයක් විශ්වාස කරනවා හයිබ්‍රිඩ් ලොක්ඩවුන් ක්‍රමවේදයක් අපිටම අවේණික විදියට. මේ රෝගයත් යම් ආකාරයට පාලනයක් කර ගෙන ආරථිකයත් වැටෙන් නැතුව ඉදිරියට ගෙන යන්න දැනගෙන තියෙන්න ඕන”.