ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි

0
Today Weather Forecast - ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි

බස්නාහිර, සබරගමුව,සහ වයඹ යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්වලත් අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උදෑසන කාලයේ දී උතුරු පළාතට ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකී.

උතුර,උතුරු මැද,නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල අහස වලාකුළුවලින් බර ව පැවතිය හැකි බව වාර්තා වනවා.

ගිගුරුම් සහිත වැසි හා සුළං මඟින් සිදු විය හැකි අනතුරු අවම කරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අද දහවල් 12.10ට රඹවැව, මහව, පොල්පිතිගම, නුවරගල හා තාවම්පුර යන ප්‍රදේශවලට ඉතා ආසන්න ව හිරු මුදුන් වී පවතින බව යි සඳහන් වන්නේ.