කොවිඩ් අසාදිතව සිටි පුත්තලමේ මවක් තුන් නිවුන් දරුවන් බිහි කරයි

0
Three Twins Birth - කොවිඩ් අසාදිතව සිටි පුත්තලමේ මවක් තුන් නිවුන් දරුවන් බිහි කරයි

කොරෝනා වෛරසය ආසාදනයවී රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි කාන්තාවක් පුත්තලම මූලික රෝහලේදී ඊයේ (1) දහවල් තුන් නිවුන් දරුවන් බිහිකර තිබෙනවා. තම කුළුදුල් දරු උපත ලෙස තුන් නිවුන් දරුවන් බිහි කර ඇත්තේ පුත්තලම – කිවුල ප්‍රදේශයේ පදිංචි චකිලා මධුවන්ති රාජපක්ෂ නම් මවක්. එම නිවුන් දරුවන් ගෙන් දෙදෙනෙකු ගැහැණු දරුවන් වන අතර එක් දරුවෙකු පිරිමි දරුවෙකු වනවා.

තුන් නිවුන් දරුවන් බිහි කළ මව ගැබිණි සමයේ කොවිඩ් ආසාධනය වීම හේතුවෙන් දින 14 ක කාලයක් රෝහල් ගතව ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. කොරෝනා ආසාදනය වි සිට සුවය ලබා රෝහලෙන් පිටව ගොස් නිවසේදීද රැදී සිටි කාලයේදීද ඇය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට පුත්තලම මූලික රෝහලේ වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණා.

රෝහල් ගතව සිට නැවත නිවසට ගොස් දින කිහිපයකට පසුව එම මව නැවත රෝහල් ගත කිරීමට සිදුව ඇත්තේ ඇයට ඇතිවූ අධික රුධිර පීඩනය තත්ත්වය හේතුවෙන්ය.

ඒ වන විට ඇයගේ දරු කළලයට සති 34ක් වී ඇති අතර පසුව පුත්තලම මුලික රෝහලේ ප්‍රසව හා නාරී විශේෂඥ වෛද්‍ය ඩබ්.එම්.ඒ.පී.බී වලිසුන්දර මහතාගේ විශේෂ අධීක්ෂණය යටතේ ඇය 35වන සතියේදී සිසේරියන් සැත්කමකින් මෙම නිවුන් දරුවන් තිදෙනා බිහිකරන්නට සමත්ව තිබෙනවා.

එම මව විසින් බිහිකර ඇති තුන් නිවුන් දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවයි පුත්තලම මූලික රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඩබ්ලිව්.එම්.ඒ.පී.බී.වලිසුන්දර පැවසුවේ.