තවත් කොවිඩ් මරණ 215ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka yesterday - තවත් කොවිඩ් මරණ 215ක් වාර්තා වෙයි
මෙරට සිදුවූ තවත් කොවිඩ් මරණ 215ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඊයේ 31 තහවුරු කළ මෙම මරණ අතරට පිරිමි පුද්ගලයන් 115ක් සහ කාන්තාවන් 100ක් අයත්.

ඒ අතර වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ මරණ 2ක් වනවා.

ඒ එක් කාන්තාවක් සහ පිරිමි අයෙක් වශයෙන්. අවුරුදු 30ත් 59ත් අතර මරණ 46ක් සිදුව තිබෙනවා.

ඒ අතර කාන්තාවන් 18ක් සහ පිරිමි 28ක් වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 86ක් සහ කාන්තාවන් 81ක් ද මෙම මරණ 215ට අයත්.

Covid Deaths Report

මේ අතර අද දිනයේ මෙරටින් හමුවී ඇති ආසාදිතයන් ගණන 3,828ක්.

මේ දක්වා මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 444,130ක් හමුවී ඇති අතර ඉන් 57,785ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පවසනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති ගණන 376,216ක්.