මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ දැඩි විමසිල්ල නිසා කොවිඩ් රැල්ලකින් ගමක් බේරේ

0
PHI Officer Action in Bandarawela - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ දැඩි විමසිල්ල නිසා කොවිඩ් රැල්ලකින් ගමක් බේරේ

ගම්මානයක් පුරා ව්‍යාප්තවීමට ගිය කොවිඩ් වෛරසය එක් නිවසකින් නතර කරගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ දැඩි විමසිල්ල හේතුවෙන් අවස්ථාව උදාවූ පුවතක් බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ඒ, බණ්ඩාරවෙල මකුල්ඇල්ල ප්‍රදේශයේය.

එම ප්‍රදේශයේ නිවසක 80 හැවිරිදි පුද්ගලයෙකු මරණයට පත්වී තිබුණි.

එම සාමාන්‍ය මරණයක් සේ සලකා නිවැසියන් විසින් ඔහුගේ අවසන් කටයුතු සිදුකිරීමට සූදානම් වී ඇත.

ඒ පිළිබඳ තොරතුරු දැනගැනීමෙන් පසු සැකසිතූ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අදාළ නිවසේ පුද්ගලයින් කිහිප දෙනෙකුට ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබේ.

එහිදී 4 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇත.

පසුව මියගිය පුද්ගලයාගේ දේහය සම්බන්ධයෙන් ද සිදුකර තිබූ ඇන්ටිජන් පරීක්ෂණයෙන් ඔහු ද කොවිඩ් ආසාදිතව සිට ඇති බව හඳුනාගෙන ඇත.

අදාළ පුද්ගලයාගේ මරණය ආරංචිවීමෙන් පසු එම නිවස අසලට රැස්වී සිටි පිරිස විසුරුවා හැරීමින් ප්‍රදේශය භාර සෞඛ්‍ය නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් පැවසුවේ,

“අපිත් මැරෙනවා ඔහොම තමයි. කියන දේ අහලා ඈතට යන්න. එයාට කොරෝනා. ඔය කට්ටියට හැදුණොත් මොනාද කරන්නේ. ගම බේරගන්න එපෙයි,” යනුවෙනි.