කිසිදු එන්නතකට ප්‍රතික්‍රියා නොදක්වන නව කොවිඩ් ප්‍රභේදයක්

0
Mu Variant in Colombia - කිසිදු එන්නතකට ප්‍රතික්‍රියා නොදක්වන නව කොවිඩ් ප්‍රභේදයක්
මෙතෙක් නිෂ්පාදිත කිසිදු එන්නතකට ප්‍රතික්‍රියා නොකරන කොරෝනා ප්‍රභේදයක් ලොව පුරා ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

‘මූ’ ලෙස හඳුන්වන මෙම නව කොවිඩ් විකෘති ප්‍රභේදය ප්‍රථම වරට හඳුනාගෙන ඇත්තේ පසුගිය ජනවාරි මාසයේ කොළොම්බියාවෙන්.

මෙතෙක් නිෂ්පාදිත කිසිදු එන්නතකට එය ප්‍රතික්‍රියා නො දක්වන අතර, ශීඝ්‍රයෙන් පැතිර යා හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීම මඟින් වෛරස ව්‍යාප්තිය අවම කරගත හැකි බැවින් ඒ පිළිබඳ ව අවධානය යොමුකරන ලෙස ද ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කරනවා.