ලැදියාවන් හෝ බලපෑම් මත සංචරණ සීමා ඉවත් නොකළ යුතුයි

0
Neelika Malavige Statement of Travel Restrictions - ලැදියාවන් හෝ බලපෑම් මත සංචරණ සීමා ඉවත් නොකළ යුතුයි

සංචරණ සීමා ඉවත් කිරීම මෙන්ම සංචාරක ක්ෂේත්‍රය යළි පණ ගැන්විය යුත්තේ විද්‍යාත්මක ක්‍රමවේදයකට මිස ලැදියාවන් හෝ බලපෑම් මත නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අද(31) ප්‍රකාශ කළාය.

ඇය එම අදහස් පළ කළේ, කොළඹ විශ්වවිද්‍යාලයේ 16 වන සුජාතා ජයවර්ධන සමරු දේශනය අන්තර්ජාලය ඔස්සේ සිදු කරමිනි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේද හා අණුක වෛද්‍ය අධ්‍යයනාංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ,

“දැන් පවතින සීමා ඉවත් කරාට පසු අපි සංචාරක කර්මාන්තය අනිවාර්යෙන් ආරම්භ කරන්න ඕන මේ සියලු දේවල් විද්‍යාත්මක පසුබිමක් සහිතව තමයි කරන්න ඕන. විශාල හඬවල්වලට හරි දැන ඇඳුනුම්කම් අනුව හරි ඒක සිදු නොකළ යුතුයි. සියලුම සීමාවන් ඉවත් කරන විට එය සිදු කළ යුත්තේ ද විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුවයි. මොකද එහෙම කළහොත් අපට නැවතත් දැඩි පියවර ගැනීමේට අවශ්‍ය වන්නේ නැහැ. ලොව පුරා වෛරස පැතිරයාමෙන් මිනිස් ජීවිතවලට හා ලෝක ආර්ථිකයට ඇතිකර ඇති බලපෑම ලෝක යුද්ධ සහ වෙනත් යුද්ධ මෙන්ම ත්‍රස්තවාදී ප්‍රහාරවලට වඩා බරපතලයි. එය මෙම වසංතයෙන් මුළු ලෝකයටම ඉගෙන ගත හැකි පාඩමක්. අපි ආයෝජනය කරන්න ඕන විද්‍යාව හා තාක්ෂණය මත. මොකද අපි හොඳ පෙර සුදානමිකින් සිටිය යුතුයි මේ අදුෂ්‍යමාන තර්ජනවලට මුහුණදීමට. ඒ අදෘෂ්‍යමාන තර්ජන තමයි මාරාන්තිකම.”

(newsfirst.lk වෙබ් අඩවිය ඇසුරිනි)