රටටම සුබ පණිවුඩයක්.. ඔක්තෝම්බර් මැද වනවිට කොරෝනා පාලනයේ…

0
Covid Control in Sri lanka - රටටම සුබ පණිවුඩයක්.. ඔක්තෝම්බර් මැද වනවිට කොරෝනා පාලනයේ...

සැප්තැම්බර් මාසය අග වනවිට මෙරට සැලකිය යුතු මට්ටමකින් රෝගීන් අඩුවනු ඇතැයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

ආසාදිතයන් අඩුවී මරණ අඩු වීමට තවත් සති දෙකක් ගතවනු ඇති බවත් පැවසූ ඔහු මෙය තමන්ගේ පුද්ගලික අදහස බවද කියා සිටියේය.

ඔක්තෝම්බර් මස මැද පමණ වෙද්දී මෙරට නව ප්‍රභේද වාර්තා නොවුණහොත් රෝගීන් වාර්තා වීම අඩු වනු ඇති බව ද ඔහු පවසයි.

එම කාලය වන විට මෙරට බහුතර ජනගහනයක් එන්නත් කරනය හරහා නිවැරදි ප්‍රතිශක්තිකරණයක් ලබා ගනු ඇතැයිද ඔහු පැවසීය.

දෙරණ නාලිකාව පැවති සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

(lankacnews.com වෙබ් අඩවිය ඇසුරිනි)