නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ වෙයි ද? ඇමති රමේෂ් දුන් පිළිතුර

0
Ramesh Pathirana Statement of Lockdown - නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ වෙයි ද? ඇමති රමේෂ් දුන් පිළිතුර

නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව දීර්ඝ කරනවාද නැද්ද යන්න පිළිබඳව පෙරේදා(30) පැවති කැබිනට් රැස්වීමේදී තීරණයක් නොගත් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි .

රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේ, ඊයේ(31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.

රජය කටයුතු කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය, වෛද්‍ය විශේෂඥයින් හා දේශීය වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් අනුව බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේය.

මෙහිදී කොරෝනා මර්දන ව්‍යාපාරයට සහය දෙනවා සේම, ජනතාවගේ සමාජ ආර්ථික මට්ටම කෙරෙහි ද අවධානය යොමු කරන බවත් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

(newsfirst.lk වෙබ් අඩවිය ඇසුරිනි)