කොවිඩ් උත්සන්නනම් ‘ටොසී’ ගන්න එපා.. ආසාදිතයින්ට ඖෂධ ලබාදීමේදී ප්‍රවේසම් වන්න…

0
Tocilizumab for Covid Patients - කොවිඩ් උත්සන්නනම් 'ටොසී' ගන්න එපා.. ආසාදිතයින්ට ඖෂධ ලබාදීමේදී ප්‍රවේසම් වන්න...

කොවිඩ් ආසාදිතයන් සඳහා ලබා දෙන ටොසිලිසුමැබ් (Tocilizumab) ඖෂධය රෝගය උත්සන්න වූ අවස්ථාවකදී ලබා නොදිය යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය ප්‍රියදර්ශනි ගලප්පත්ති පැවැසුවාය.

ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී ඇය සඳහන් කළේ මෙම ඖෂධය ලබා දීමේදී ප්‍රවේසම් විය යුතු බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ් ආසාදිතයින් සඳහා ලබා දීමට සුදුසු ඖෂධයක් ලෙසද අනුමත කළ දෙවන ඖෂධය මෙය බව මහාචාර්යවරිය පැවසුවාය.

කෙසේ වුවද ටොසිලිසුමැබ් (Tocilizumab) ඖෂධය කොවිඩ් රෝගය සඳහා නිපදවූ ඖෂධ්‍යක් නොවන බවත් එය ආතරයිටිස් රෝගය සඳහා නිපදවූ ඖෂධයක් බවත් ඇය සඳහන් කළාය.

මේ වන විට කොවිඩ් සඳහා ඇති ​හොඳම ඖෂධය කොවිඩ් මර්දන එන්නත බව මහාචාර්යවරිය ප්‍රකාශ කළාය.

එසේම සියලු දෙනාම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු බවත් සෙම්පතිශ්‍යාවක් කැස්සක් වැලඳුන විට කොවිඩ් යැයි අනුමාන කරමින් ප්‍රතිකාර ලැබීමට කටයුතු කිරීම වඩා හොඳ බවද මහාචාර්යවරිය අවධාරණය කළාය.