ගවයන් වගාවට හානි කළැයි ගොපල්ලා මරා දමලා

0
Murder in Hambanthota - ගවයන් වගාවට හානි කළැයි ගොපල්ලා මරා දමලා

හම්බන්තොට, හව්සුකොන් පාරේ නිවසක් ඉදිරිපිටදී ගවපට්ටි පාලනය කරන තරුණයකුට උල් ආයුධයකින් ඇන මරා දමා ඇති බව හම්බන්තොට වරාය පොලිසිය පවසයි.

ඝාතනයට ලක්ව ඇත්තේ හම්බනතොට, මිරිජ්ජවිල, හවුස්කොන් පාරේ පදිංචිව සිටි 39 හැවිරිදි ප්‍රදීප් මුණසිහං නමැති ගවපට්ටි බලාගන්නා අයෙකි.

මිනීමැරුමට සම්බන්ධ එකම පවුලක වයස 30, 32 වයස්වල තරුණයන් දෙදෙනකු සැකපිට හම්බන්තොට වරාය පොලිසියේ පොලිස් පරීක්ෂක නන්දන මහතා ඇතුලු නිලධාරී කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මිනීමැරුමට හේතුව පට්ටිකරුගේ ගවයන් සැකකරුවන්ගේ වත්තකට පැන වගාවන්ට හානි සිදුකිරීම බව තොරුතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

සිද්ධියට සම්බන්ධ මහසේත්‍රාත් පරීක්ෂණය අද 31 පැවැත්වීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට වරාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.