සඳුදා අලුයම 4 කඩ සාප්පු විවෘත කිරීමට අවසර නැහැ

0
all shopping centers in sri lanka - කඩ සාප්පු

අද(13) රාත්‍රී 11.00 සිට 17 වන සඳුදා අලුයම 4.00 දක්වා පැනවෙන සංචරණ සීමා කාලය තුළ පුද්ගල සංචරණය සම්පූර්ණයෙන් සීමා වන අතර සියලුම කඩ සාප්පු වසා තැබිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසනවා.

එම දින තුළ හැඳුනුම්පත් අංක ක්‍රමවේදය ක්‍රියාත්මක නොවන අතර අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් අවසර හිමිවන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

(https://www.newsfirst.lk/ වෙබ් අඩවිය ඇසුරිනි)