රෙද්දකින් වසාගෙන සිදුකළ යකඩ ආවරණ සොරකම (වීඩියෝ)

1
Iron Cover Theft - රෙද්දකින් වසාගෙන සිදුකළ යකඩ ආවරණ සොරකම (වීඩියෝ)
මාර්ගයේ දෙපස ඇති කණුවල ආවරණයට යොදා ඇති යකඩ ආවරණ සොරාගෙන යාමේ පුවතක් රාජගිරිය, නාවල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පසුගිය 24 සහ 25 යන දින දෙකේ දී මෙම සොරකම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

නිල් පැහැති ත්‍රිරෝද රථයකින් පැමිණෙන තිදෙනෙකු විසින් අවස්ථා තුනක දී ඉතා සූක්ෂම අයුරින් කාණුව උඩින් දමා ඇති ආවරණ සොරාගෙන යන ආකාරය අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක පටිගතව තිබුණා.