මන්ත්‍රී අසංක නවරත්නට හා ඔහුගේ දියණියට කොවිඩ්

0
Asanka Nawarathna Positive for Covid - මන්ත්‍රී අසංක නවරත්නට හා ඔහුගේ දියණියට කොවිඩ්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා සහ ඔහුගේ දියණියට කොවිඩ් ආසාදනය වී ඇත.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මොහු කොවිඩ් ආසාදනයවූ පාර්ලිමේන්තුවේ 25 වැනි මන්ත්‍රීවරයාය.

සැකකටයුතු රෝග ලක්ෂණ කිහිපයක් මතුවීම නිසා තමාත් දියණියත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු වූ අවස්ථාවේදී කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ලංකාදීපයට පැවැසීය.

බිරිඳට සහ අනෙක් දියණියට කොවිඩ් ආසාදනය වී නැතැයිද හෙතෙම සඳහන් කළේය.

තමාත් දියණියත් නිවෙසේ වෙනම හුදෙකලා ස්ථානයක නිරෝධායනයට යොමුවූ බව පැවසූ නවරත්න මහතා සෞඛ්‍ය අංශ උපදෙස් අනුව ඉදිරි සෞඛ්‍යමය ක්‍රියාමාර්ග ගන්නා බවද පැවසුවේය.

තමාට දැනට ඇත්තේ සුළු රෝග ලක්ෂණ කිහිපයක් පමණක් බවද සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ගවලට යොමු වන ලෙස තමා සමඟ පසුගිය දිනවල සමීපව කටයුතු කළ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද අසංක නවරත්න මහතා ප්‍රකාශ කළේය.