අතිපූජ්‍ය කිවිපති මීගහවෙල සුමනශාන්ත හිමියෝ අපවත් වෙති

0
Sumanasantha Thero Dead - අතිපූජ්‍ය කිවිපති මීගහවෙල සුමනශාන්ත හිමියෝ අපවත් වෙති
ගිරිඋල්ල බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම රජ මහා විහාරාධිකාරි අතිපූජ්‍ය කිවිපති මීගහවෙල සුමනශාන්ත හිමියන් අපවත් වී තිබෙනවා.

ප්‍රකට කවියෙකුව කටයුතු කළ උන්වහන්සේ , ගිහි කළ ප්‍රකටව සිටියේ සරත් මුණසිංහ නමින්.

හදිසි හෘදයාබාධයකට ගොදුරුව අපවත් වන විට උන්වහන්සේ අසූ දෙහැවිරිදි වියෙහි පසු වී තිබෙනවා.

“ලස්සනට පිපුන වනමල්” , “එපා එපා මස් කන්නට” , “රූසිරිය ඈගේ” , “මුතුමැණිකේ උදේ රැයින්” වැනි ජනප්‍රිය ගීත රැසක් උන්වහන්සේ රචනා කර තිබුණා.