උද්ඝෝෂණ කළ ගුරුවරු 25ක් කොවිඩ් ආසාදිතව මියගොස් ඇතැයි පලවූ පුවතේ ඇත්ත නැත්ත මෙන්න

0
Joseph Stalin Statement of Fake News - උද්ඝෝෂණ කළ ගුරුවරු 25ක් කොවිඩ් ආසාදිතව මියගොස් ඇතැයි පලවූ පුවතේ ඇත්ත නැත්ත මෙන්න

ගුරු – විදුහල්පති උද්ඝෝෂණයට සහභාගීවූ ගුරුවරුන් 400ක් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවටත් ඉන් ගුරුවරුන් 25ක් මියගිය ඇති බවටත් සිළුමිණ පුවත්පත පලකර ඇති පුවත සම්පූර්ණ අසත්‍යක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසයි.

ශ්‍රීලංකා පොදුජන පෙරමුණට අයත් පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය සිළුමිණ පුවත්පතට හෙළිකල බව පවසා සුභාෂිණී ජයරත්න නම් මාධ්‍ය වේදිනියක් විසින් අදාළ පුවත අද (29) සිළුමිණ පුවත්පතට ලියා තිබෙයි.

ජෝසප් ස්ටාර්ලින් මහතා පවසන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම මත ගුරු උද්ඝෝෂණය නවතා දමා දැනට සති දෙකකටත් වැඩි කාලයක් ඉක්ම ගොස් ඇති බවයි.

එවැනි තත්ත්වයක් මත ආණ්ඩුවට හිතවත් වෘත්තීය සමිතියක කාන්තාවක් යොදවා එය මගින් ජාතික පුවත්පතක මුල්පිටුවේ පදනම් විරහිත පුවතක් පලකිරීම සම්පූර්ණයෙන් හෙළා දකින බවය.

අදාළ පුවත්පත් සටහන පහතින්.

(gossiplankanews.com වෙබ් අඩවිය ඇසුරිනි)