ජේ.සී.බී. යන්ත්‍රයකට යටවී පිරිමි ළමයෙක් ජිවිත්කෂයට

0
Child Dead in Embilipitiya - ජේ.සී.බී. යන්ත්‍රයකට යටවී පිරිමි ළමයෙක් ජිවිත්කෂයට

පනාමුර කටුවන මාර්ගයේ ගමකන්ද ප්‍රදේශයේදී ජේ.සී.බී. යන්ත්‍රයක ගැටීමෙන් 12 හැවිරිදි පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ සවස කටුවන දෙසට ධාවනය වූ ගල් පැටවූ ලොරියක් කන්දක් සහිත ස්ථානයකදී ජේ.සී.බී. යන්ත්‍රයකින් තල්ලු කර ඇති අතර එහිදී මෙම ළමයා ලොරියට නැගීමට උත්සාහ කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අනතුරුව ඔහු ජේ.සී.බී. යන්ත්‍රයේ ඉදිරිපස රෝදයේ ගැටීමෙන් බරපතල තුවාල ලබා තිබෙනවා.

පසුව මෙම ළමයා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

මියගොස් ඇත්තේ දඩයම්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි ළමයෙක්.

අනතුරට අදාළව ජේ.සී.බී. යන්ත්‍රයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර පනාමුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.