මැක්කන්ට දෙන ඖෂධ කොරෝනා රෝගීනුත් බීලා

0
Flea Medicine for Covid - මැක්කන්ට දෙන ඖෂධ කොරෝනා රෝගීනුත් බීලා

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළවන ඇතැම් අසත්‍ය පුවත් විශ්වාස කරමින් බල්ලන් සහ පූසන්ගේ සිරුරේ හටගන්නා මැක්කන් පාලනය සඳහා ලබාදෙන අයිවර්මෙක්ටින් (ivermectin) ඖෂධ කොවිඩ් වෛරසය ආසාදනය වූ මෙරට පුද්ගලයින් භාවිතා කිරීමේ සිද්ධීන් රැසක් වාර්තා වී ඇතැයි වාර්තාවේ.

මෙම ඖෂධ මිනිස් සිරුරට විෂ සහිත බවත් ඉන් කොවිඞ් රෝගය උත්සන්න වීමේ අවදානමක් ද පවතින බවත් ඇමෙරිකානු ආහාර සහ ඖෂධ අධිකාරිය පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් කොළඹ වෛද්‍ය පීඨයේ පරපෝෂිතවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය සනත් සේනානායක මහතා පැවසුවේ පරපෝෂිත රෝග පාලනය සඳහා ලබාදෙන ඇතැම් ඖෂධ සතුන්ට පමණක් ලබාදීමට නිර්දේශ කර ඇති අතර ඒවා මිනිසුන්ට ලබාදීම සම්බන්ධව මෙතෙක් සායනික වශයෙන් තහවුරු කර නැති බවය.

එබැවින් එවැනි ඖෂධ මිනිසුන් ගත් විට සිරුරට විස සහිත වන බවය.

(divaina.lk වෙබ් අඩවිය ඇසුරිනි)