කොරෝනා අසාදනය වී සිටි පාතාල නායක පොට්ට නවුෆර් මිය යයි

0
Potta Naufer Dead by Covid - කොරෝනා අසාදනය වී සිටි පාතාල නායක පොට්ට නවුෆර් මිය යයි

කෝවිඩ් ආසාදිතව වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මොහොමඩ් නියාස් මොහොමඩ් නවුෆර් නොහොත් පොට්ට නවුෆර් ජීවිතක්ෂයට පත්ව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කර සිටියේ කෝවිඩ් රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි මෙම රැඳවියාට වෙනත් නිදන්ගත රෝගාබාධ කිහිපයකටම ප්‍රතිකාර ලබමින් සිටි බවය.

බූස්ස බන්ධනාගාරය රඳවා සිටි පොට්ට නවුෆර් නමැත්තා ඉකුත් සතියේදී ගාල්ල කරාපිටිය රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් සිටියදී සිදුකල ඇන්ටිජන් පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබිණි.

පසුව ඔහු ප්‍රතිකාර සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී මෙසේ ජීවිතක්ෂයට පත්විය.

හිටපු මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොට්ට නව්ෆර් ඇතුළු කිහිප දෙනකුට මරණ දඬුවම නියම වූයේ 2004 වසරේ අගෝස්තු 4වැනිදාය.