දෙමහල් නිවසක ගින්නක්.. දෙදෙනෙක් මරුට…

0
Husband an Wife Dead by Fire - දෙමහල් නිවසක ගින්නක්.. දෙදෙනෙක් මරුට...

කඩවත, ඇල්දෙණිය ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් අඹුසැමි යුවළක් මියගොස් තිබේ.

අද (28) අළුයම එම නිවසේ උඩුමහලේ ගින්න හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ගින්නෙන් නිවසේ සිටි 53 හැවිරිදි හා 57 හැවිරිදි යුවළ පිළිස්සී මියගොස් තිබුණි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහර මහෙස්ත්‍රාත්වරයා විසින් මහෙස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය අපරාධ පරික්ෂණ නිලධාරින් සහ කඩවත පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් විමර්ශන සිදුකරයි.