වැටුප පරිත්‍යාග කිරීමට හැකියාවක් නැහැ.. ජීවත් වන්නේ බිරිඳගේ වැටුපෙන්…

1
SB Dissanayake Statement - වැටුප පරිත්‍යාග කිරීමට හැකියාවක් නැහැ.. ජීවත් වන්නේ බිරිඳගේ වැටුපෙන්...
කොරෝනා අරමුදල සඳහා තම වැටුප පරිත්‍යාග කිරීමේ හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

තම සම්පූර්ණ වැටුප බැංකුවකින් ගත් ණය සදහා වාරික ලෙස කැපී යන බවද ඒ මහතා පැවසීය.

තමන් ජීවත් වන්නේ හරිම අමාරුවෙන් බිරිඳගේ වැටුපෙන් බවත් ඔහු සඳහන් කළේය.

නමුත් කොරෝනා අරමුදල සඳහා කීයක් හෝ එකතු කර දීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.